දුහුල් මලෙක මල් පෙත්තක - නිරෝෂා විරාජිනී | Duhul maleka mal peththaka - Nirosha Virajini


දුහුල් මලෙක මල් පෙත්තක
එහා මෙහා පෙනෙන පරිදි
සියුම්ව ලිව්වා වූ මගේ පෙම් පණිවිඩය
සමනළයෙක් අතේ එව්ව හම්බ වුණාද
බාර ගන්න පරිස්සෙමින් තටු පොඩි නොකර
මගේ පෙම් පණිවිඩය
හම්බ වුණාදැයි කියලා ලියලා එවන්න
ඔබ වෙනුවෙන් තව දුරටත් ජීවත් වෙන්න

ඔබට කැමති වූ දවසේ
දැණුනු හැඟුමේ පාට තමයි
දේදුන්නක් වෙලා දෑස් වෙත පාත් වුණේ
ඒ සතුටේ සුසුම තමයි නළ මුදු සුවදක් වී
හිත තෙත මාත්තු කළේ
ඒ බව හැ‍ඟෙනවා නම් මට කියලා එවන්න
ඒ ඇති මට ඔබ වෙනුවෙන් ජීවත් වෙන්න

ඔබ නික්මන් කළ දවසේ
උනපු කඳුලේ තරම තමයි
පොද වැස්සක් වෙලා පොළවට පාත් උනේ
ඒ කඳුලේ බලයක් තමයි මහවැලි ගඟ මැද්දේ
දිය සුළියක් වූයේ
ඒ බව දැණුනා නම් මට කියලා එවන්න
ඒ ඇති මට තව දුරටත් ජීවත් වෙන්න

දුහුල් මලෙක මල් පෙත්තක
එහා මෙහා පෙනෙන පරිදි
සියුම්ව ලිව්වා වූ මගේ පෙම් පණිවිඩය
සමනළයෙක් අතේ එව්ව හම්බ වුණාද
බාර ගන්න පරිස්සෙමින් තටු පොඩි නොකර
මගේ පෙම් පණිවිඩය
හම්බ වුණාදැයි කියලා ලියලා එවන්න
ඔබ වෙනුවෙන් තව දුරටත් ජීවත් වෙන්න


ගායනය - නිරෝෂා විරාජිනී
සංගීතය - මහින්ද බණ්ඩාර
ගී පද - කැළුම් ශ්‍රීමාල්


Comments