ඇගේ සිනහව තහනම් - චන්ද්‍රකුමාර් කඳනාරච්චි | Age sinahawa tahanam - Chandrakumar Kandanarachchi


ඇගේ සිනහව තහනම්
ගෙදරින් මට තහනම්
සැළවෙයි ගෙදරට
ඇය හමුවුනොතින්
චර පුරුෂයෝ දැන්
මා වටලා
යන එන හැම තැන් මුර දාලා
යන එන හැම තැන් මුර දාලා

යාබද නිවසේ ඇය ඉන්නේ
එනමුදු ගව්වක දුර වැන්නේ
එනමුදු ගව්වක දුර වැන්නේ
යාබද නිවසේ ඇය ඉන්නේ

පෙළපත කුල ගොත වෙනස්වෙලා
නෑදෑ පිරිවර හරස් වෙලා
නෑදෑ පිරවර හරස් වෙලා
පෙළපත කුල ගොත වෙනස් වෙලා

ඇගේ සිනහව තහනම්
ගෙදරින් මට තහනම්
සැළවෙයි ගෙදරට
ඇය හමුවුනොතින්
චර පුරුෂයෝ දැන්
මා වටලා
යන එන හැම තැන් මුර දාලා
යන එන හැම තැන් මුර දාලා


ගායනය - චන්ද්‍රකුමාර් කඳනාරච්චි
සංගීතය - උපාලි කන්නංගර
ගී පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන


Comments

  1. බොහොමත් ස්තුතියි චන්ද්‍රකුමාර් ගේ ඉතා අගනා ගීතයක්... කාලය සමග කිසිදා වැළලී නොයන සදාකාලික අපුරු ගීතයක් මේ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ... මම මේක අහන්නෙ ගොඩක් පුංචි කාලෙ ඉඳන්. මෙලෝ මගුලක් නොතේරුණාට තනුව හොඳට හිතට වැදිල තිබුණා...

      Delete
  2. පද රචනය - කේ.ඩි.කේ ධර්මවර්ධන
    සංගීතය - උපාලි කන්නංගර

    මේ ටිකත් එක් කරන්න.

    ReplyDelete
    Replies
    1. එකතු කලා.. ස්තූති වේවා!

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...