සුදු වත කමලේ - ප්‍රියා සූරියසේන | Sudu watha kamale - Priya Sooriyasena


සුදු වත කමලේ
වතු සුදු මල් පෙති
උපමාවන් සසැඳේ
නෙත් සර බිඟු පැටලේ
වසන්තියේ
වසන්තියේ

හිරු සඳ දියරෙන් තරු පෙළ නැහැවී
ඔබේ හිනා මල් පිපෙන පැයේ
නෙත ගැටෙනා විට සවනට ඇසුනා
හද ගැහෙනා රාවේ

සුදු වත කමලේ...

අතිනත බැඳුණත් හදවත හඳුනා
ඇස රැඳුනේ ඔබ බාල වියේ
අද ඇය කොතැනද ඒ රුව නොමැකේ
පෙම් හසරැළි පවුරේ

සුදු වත කමලේ...


ගායනය - ප්‍රියා සූරියසේන
සංගීතය - සරත් දසනායක
ගී පද - උපාලි ධනවලවිතාන


Comments