සුභ ප්‍රාර්ථනා අවසන් - ස්කිට්සෝ | Suba prarthana awasan - Skitzo


සුභ ප්‍රාර්ථනා අවසන්
හිනා අහලක නෑ දැන්
ඇස් පියන් මරණයට
බිලි වෙන්න පුළුවන් //

සංසාරයම විධිමත්
අම්බලමක උපන්නත්
මල් අරන් සිරිපාදයට
යන්න හිතෙන්නේ නෑ දැන්

සුභ ප්‍රාර්ථනා අවසන්
හිනා අහලක නෑ දැන්
ඇස් පියන් මරණයට
බිලි වෙන්න පුළුවන්

හමු වීම් අවසන්
වෙන් වීම් ඉක්මන්
පාළුවට රැකවලට
මීවිතත් අසමත්

සුභ ප්‍රාර්ථනා අවසන්
හිනා අහලක නෑ දැන්
ඇස් පියන් මරණයට
බිලි වෙන්න පුළුවන් //

සුභ ප්‍රාර්ථනා අවසන්... //

සංසාරයම විධිමත්
උදෑසන ආයෙත්


ගායනය, සංගීතය - ස්කිට්සෝ
ගී පද - සුදන්ත මාධව


Comments