පවුරු වළල්ලක් බැඳලා - ඇනස්ලි මාලේවන, ඉන්ද්‍රාණි පෙරේරා | Pawru walallak bendala - Annesley Malewana, Indrani Perera



පවුරු වළල්ලක් බැඳලා
සතර වටේ අවි ගත් මුර සෙබළුන් යොදලා
පවුරු වළල්ලම බිඳලා
මං එන්නවා මුරකාවල් අතරින් මිදිලා
පවුරු වළල්ලක් බැඳලා

කවුළු දොරින් බලා ඉඳිමි
‍ඔබ එනතුරු බලා ඉඳිමි //
ඇතින් පිය මනිනු දකිමි
සුසුම් හෙලා හඬා වැටෙමි
සුසුම් හෙලා හඬා වැටෙමි

පවුරු වළල්ලක් බැඳලා
සතර වටේ අවි ගත් මුර සෙබළුන් යොදලා
පවුරු වළල්ලම බිඳලා
මං එන්නවා මුරකාවල් අතරින් මිදිලා
පවුරු වළල්ලක් බැඳලා

නිරතුරු ඔබේ මුහුණ දකිමි
පෙම් සටනින් පැරද නොයමි //
ලොවක් නොමැත අපිට අහිමි
ඔබ හා මිස තනිව නොයමි
ඔබ හා මිස තනිව නොයමි

පවුරු වළල්ලක් බැඳලා
සතර වටේ අවි ගත් මුර සෙබළුන් යොදලා
පවුරු වළල්ලම බිඳලා
මං එන්නවා මුරකාවල් අතරින් මිදිලා
පවුරු වළල්ලක් බැඳලා //

මං එන්නවා මුරකාවල් අතරින් මිදිලා
පවුරු වළල්ලක් බැඳලා ////


ගායනය - ඇනස්ලි මාලේවන, ඉන්ද්‍රාණි පෙරේරා
පද රචනය - සුනිල් ආරියරත්න
සංගීතය - සරත් දසනායක
නව සංගීත සංයෝජනය - ක්ලැරන්ස් විජේවර්ධන


Comments

  1. නියමයි දිගටම කරගෙන යන්න

    ReplyDelete
  2. පද : සුනිල් ආරියරත්න
    සංගීතය : සරත් දසනායක

    ReplyDelete
  3. පද : සුනිල් ආරියරත්න
    සංගීතය : සරත් දසනායක

    මේ ගීතයේ සංගීතය ක්ලැරන්ස් නෙමෙයි. ඔය දාල තියෙන ලින්ක් එකේ තියෙන සින්දුවට ක්ලැරන්ස් නව සංගීතය මුසු කරා විතරයි. මුල් ගීතයේ අයිතිය සරත් දසනායකයන්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝ...වැදගත් තොරතුරක්..!

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...