මේ මල් යායේ - එඩ්වඩ් ජයකොඩි | Me mal yaye - Edward Jayakodi


මේ මල් යායේ මා හා එක්වීලා
ඈ පෑ සිනා ලංවෙලා
රෑ තරු වාගේ නිවුණා මැලවීලා
මා දෑසේ දී වේදනා //

මා දෑතේ වේලිලා එදා
රෑ සීතේ සඳපානේ පියනැගුවා
ඒ ඡායා සිහිනේ යාවී
ඈ මාගේ නෙතු දැලේ දුක සැදුවා

මේ මල් යායේ...

සෝ ගීතේ සවනේ යාවී
මා ලෝකේ තනිවූ සේ මට හැඟුනා
ඈ මා හා පෙරදා මැවූ
ඒ මායා මීදුම් සේ දුර ඇදුනා

මේ මල් යායේ... //


ගායනය - එඩ්වඩ් ජයකොඩි
සංගීතය - සුනිල් ධර්මසේන
ගී පද - හේමසිරි හල්පිට


Comments

  1. ජයකොඩියන්ගේ මම කැමතිම ගීතයක්! :)

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...