චාරු දේහේ නුරා - අමරසිරි පීරිස් | Charu dehe nura - Amarasiri Peiris


චාරු දේහේ නුරා මා දෑසේ මැවේ
රාත්‍රියේ රෑ සඳේ ඈ සිනා ශ්‍රීය දේ //
චාරු දේහේ නුරා

පිහින පීනා රසෝඝේ
සාරාගී විලේ රාත්‍රී යාමයේ //
ඈගේ දෑසේ ප්‍ර‍බෝධේ
නුරා ගී නැගේ
ජීවිතේ යෞවනේ
ප්‍රේමයේ මීවනේ

චාරු දේහේ නුරා මා දෑසේ මැවේ
රාත්‍රියේ රෑ සඳේ ඈ සිනා ශ්‍රීය දේ
චාරු දේහේ නුරා

සීත මිහිදුම් වළාවෝ
වෙලීලා සදේ තාරකාවේ //
මිහිතලාවේ තුසීතේ
මැවේ මා හදේ
ජීවිතේ යෞවනේ
ප්‍රේමයේ මී වනේ

චාරු දේහේ නුරා මා දෑසේ මැවේ
රාත්‍රියේ රෑ සඳේ ඈ සිනා ශ්‍රීය දේ //
චාරු දේහේ නුරා


ගායනය - අමරසිරි පීරිස්
සංගීතය - අමරසිරි පීරිස්
ගී පද - රේමකීර්ති ද අල්විස්



Comments