අමීෂා - කිත්සිරි ජයසේකර | Ameesha - Kithsiri Jayasekara


සඳකත් පිණි දිය කඩා හැලෙනවා
දැව මුවා කුළුණු හිස පහන් නිවෙනවා
මං එනතුරු අද්දර අල්තාරේ
ඉන්නවද බලා
අමීෂා අමීෂා අමීෂා

රබ් අල් කාලි කන්දෙන් පාර අසා
සූවස් සයුරේ රළ රැලිති මකා //
මං එනතුරු අද්දර අල්තාරේ
ඉන්නවද බලා
අමීෂා අමීෂා අමීෂා

නුබියා කතරේ පා සළකුණු නොතියා
නයිල් නිම්නයේ සුළඟටවත් නොකියා //
මං එනතුරු අද්දර අල්තාරේ
ඉන්නවද බලා
අමීෂා අමීෂා අමීෂා

අමීෂා...


ගායනය - කිත්සිරි ජයසේකර
සංගීතය - නදීක ගුරුගේ
ගී පද - චාමින්ද රත්නසූරිය



වීඩියෝව ගත්තේ මෙතැනින් - sunone5

 


Comments

  1. වරක් කිත්සිරි ජයසේකර මෙම සින්දුව ගායනා කර අවසන් වූ පසු, සුද්දෙක් ඇවිත් මෙම ගීතය ගැන ඉතාමත් ප්‍රශංශාත්මක මුඛයෙන් කතා කර තිබෙනවා. ඔහු කියා තිබෙනවා මේ පුංචි රටේ මෙවැනි අග්‍රගන්‍ය ගී තියෙනවායයි ඔහු කිසිසේත් නොසිතූ බව.

    ඇත්තවශයෙන්ම මේක අපූරු ගීයක්. නදීක ගුරුගේගේ සංගීත භාවිතය කෙතෙරම් පොශිතද කියල මේ සින්දුව අහන ඕනෑම පුද්ගලයෙකුට වැටහෙනවා. අග්‍රගන්‍ය නිර්මාණයක්.

    ReplyDelete
    Replies
    1. මේ රටේ තියෙන වටිනාකම් කියල ඉවර කරන්න බෑ. අඩුම තරමෙ මේ සිංහල භාෂාව කොච්චර පෝසත්ද. මිනිස්සුන්ගෙ වැරදි නිසා නිකන් විනාස වෙලා යන රටක්.

      Delete
  2. රුක් අල්කාරී should be RUB AL KHALI,THX

    ReplyDelete
  3. The imagination I get when I listen to this song can't be explained in words.. It's like an epic movie scene in front of my eyes( my eyes are closed tho)

    ReplyDelete
  4. It's not රුබියා.. Should be Nubia kathare.
    (Nubian desert).

    Thanks

    ReplyDelete
  5. Nadeeka ge Hima Wassa (https://www.youtube.com/watch?v=MTRof3Fl79g) , Kithsiri ge mudu sanda res , songs deke lyrics denna puluwan nam...Thank you..!!

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...