සුදු අසු පිට නැගලා - ඉන්ද්‍රාණි පෙරේරා | Sudu asu pita negala - Indrani Perera


සුදු අසු පිට නැගලා
මංගල රථයේ තියා
බැන්දා රන් තොරණේ
කැන්දා මා යන්නේ
උන්මාද සිහිනෙන් ඔයා
මල්සර දෝණී මෙමා //


සිහිනෙන් වගේ මැවිලා පෙනේ
මාගේ හදේ මිහිරක් දැනේ //

ආලේ ඔබේ මටනේ ප්‍රියේ //


සුදු අසු පිට නැගලා...

මධු මල් පිපෙන්නේ අපි දෙන්නා හින්දයි
බඹරුන් හඬන්නේ මල් හී විදින්නයි
දෙනෙතේ රැඳෙන්නේ ඔබගේම රුවමයි
මනමත් කරන්නේ මල් හී සරාමයි

හිතවත් කියන්නේ ඔබ මාගේ හින්දයි //

සුදු අසු පිට නැගලා... //


ගායනය - ඉන්ද්‍රාණි පෙරේරා
සංගීතය - අර්නස්ට් සොයිසා
ගී පද - හඩ්සන් සමරසිංහ


Comments