සඳ රේඛාවෙන් බසින ලියේ - අමරසිරි පීරිස් | Sanda rekawen basina liye - Amarasiri Peiris


සඳ රේඛාවෙන් බසින ලියේ
නූපුර නොසලා වඩින ලියේ
තරු ඕවිල්ලේ පුතු නිදිගන්වා
විජයිඳු පහයට වඩින ලියේ
සඳ රේඛාවෙන් බසින ලියේ

බුදුගුණ ලකරින් මංගල සුතුරින්
පිරුවානා කවි සිලෝ කියා
ආශිර්වාදය කළ මැන පුතු හට
සරසවි දැහැනෙන් තිලක තියා

සඳ රේඛාවෙන් බසින ලියේ...

සුදම් සභාවේ මුල් පෙළ හිඳිනා
හෙල විරුවන්ගේ කතා කියා
දෑ අභිමානය දෙනු මැන පුතු හට
සඳකඩ පහනේ සිරස තියා

සඳ රේඛාවෙන් බසින ලියේ...


ගායනය - අමරසිරි පීරිස්
සංගීතය - කලණි පෙරේරා
ගී පද - හේමසිරි ගුණතුංග


Comments