සමුගෙන යන්නෙමි - වර්නන් පෙරේරා, ඉන්ද්‍රාණි පෙරේරා | Samugena yannemi - Vernon Perera, Indrani Perera



සමුගෙන යන්නෙමි
මම ඔබ තනිකොට
අපේ මතු දියුණ සොයා
හිතකින් නොව මා
නැව් නැග යන්නේ
සිත ඔබේ තුරුලේ තියා

ගතින් මෙතැන මම
හිතින් ඔබගේ ලඟ
කිසිදින වෙනස් නොවේ
ජීවිතයට නැත
ඔබෙ සෙනෙහස වැනි
මිණි කිරුළක් මෙලොවේ

සුදු මුදු රැල්ලේ
මීදුම් තුරුල්ලේ
නැව ඇදිලා යනවා
මද පවනැල්ලේ
සිත කැළඹිල්ලේ
ඔබ ගැන සිහිවෙනවා

ප්‍රිය සුහදාණෙනි
මා සිරවූයේ
දුක්බර බිම් ගෙයකයි
ඔබ රුව නෙපෙනී
කටහඬ නොඇසී
ගත සිත අවිවේකයි

වෙරළක දිළිසෙන
විදුලිය රේඛා
අතරින් එබෙනු දැනේ
අඳුර කපාගෙන
පහන් ටැඹක් ලෙස
ඔබ මට දුරට පෙනේ

මටම ලැබෙන තෙක්
සක්වල පාලන
දෙවියන් රැක දේවා
සසර සරන තුරු
ඔබ මට නොනිමෙන
රන් පහනක් වේවා


ගායනය - වර්නන් පෙරේරා, ඉන්ද්‍රාණි පෙරේරා
සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද - කරුණාරත්න අබේසේකර


Comments

  1. ජීවිතය විඳිනවා කියලා දැනෙන්නේ මේ මියුරු ගීත සමග ජීවිතය ගෙවෙන විටයි.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...