රන් පලසේ වැතිරී - අතුල අධිකාරි | Ran palase wathiri - Athula Adhikari


රන් පලසේ වැතිරී ඔබ හමුවූදා
ආදරේට ආදරේ ලැබුවා
පෙම් පියසේ අපි තනිවුනු මොහොතේදි
ජීවිතේම සිහිනෙකැයි සිතුනා

ආදරයේ ඒ කුටියේ
රන් පහනේ එලියේ
මා දුටුවේ රන් දහරේ
දෙවු අඟනයි කුමරී

රන් පලසේ වැතිරී...

කුමරියේ ඔබෙ හදවත ලඟ ඇත
සිත මගේ රැඳිලා
කුසුමියේ ඔබේ රොන් පිරි සුවඳට
සිත බිඟුන් බැඳිලා
අද රෑට පායනා සඳුන් මගේ
රොන් බිඟුන් ඇදෙන්නපා මෙහේ

රන් පලසේ වැතිරී...


ගායනය - අතුල අධිකාරි
සංගීතය - රූකාන්ත ගුණතිලක



Comments