නිල් තරු නෙතු හිනැහේ - රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා | Nil tharu nethu - Rookantha, Chandralekha


නිල් තරු නෙතු හිනැහේ
මේ සුන්දර රැයෙහි දිලී
සිත සතුටේ කිමිදීලා
ඔබ මා වෙත යාවීලා
ආදරේ මල් වරුසා ඇද හැලෙනා

පෙම් සිතිවිලි පිබිදේ
මේ මංගල රැයෙහි දිලී
තරු රෑනක් පායාලා
මල් යායක් පීදීලා
ආදරේ මල් වරුසා ඇද හැලෙනා

මා හා ආ දා පෑහී ඒ මල් මාවතෙහි
නෑ නෑ ආයේ සෝ ගී නෑසෙයි ජීවිතයේ
මා හද ලෙන් දොර ආශාවෝ රැඳෙනා

නිල් තරු නෙතු හිනැහේ
මේ මංගල රැයෙහි දිලී
තරු රෑනක් පායාලා
මල් යායක් පීදීලා
ආදරේ මල් වරුසා ඇද හැලෙනා

දෑතේ යාවී ආවේ මා ඔබ හා සුහදේ
ජාතී ජාතී පෑහී ආ ලෙස මේ සසරේ
මා ඔබ මින් මතු වෙන්වීලා නොයනා

නිල් තරු නෙතු හිනැහේ
මේ සුන්දර රැයෙහි දිලී
සිත සතුටේ කිමිදීලා
ඔබ මා වෙත යාවීලා
ආදරේ මල් වරුසා ඇද හැලෙනා

පෙම් සිතිවිලි පිබිදේ
මේ මංගල රැයෙහි දිලී
තරු රෑනක් පායාලා
මල් යායක් පීදීලා
ආදරේ මල් වරුසා ඇද හැලෙනා



ගායනය - රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා
සංගීතය - රූකාන්ත ගුණතිලක


Comments