මුහුදු තෙරේ සැන්දෑවේ - ලෙස්ලි ප්‍රනාන්දු | Muhudu there handewe - Lesley Fernando


මුහුදු තෙරේ...
මුහුදු තෙරේ සැන්දෑවේ
ඔබ මා හමු වූ වේලේ
සැළෙන ඔබේ හද රාවේ
ආදරයයි මට කීවේ
මුහුදු තෙරේ සැන්දෑවේ

වසන්තයේ එක සැන්දෑ යාමෙක
ඔබ හමුවූ දින මට මතකයි //
දහසක් දෙනුවන් අතරින් දුටුවේ
ඔබගේ නිල්මිණි නෙත් යුගලයි

මුහුදු තෙරේ සැන්දෑවේ...

පෙර අත් භවයෙක එක් වී සිටියෙද
මගේ සිතට සැකයකි නැගුනේ //
නැතිනම් කෙලෙසද දුටුව මුල් දිනේ
ඔබ වෙත මෙතරම් සිත බැඳුණේ

මුහුදු තෙරේ සැන්දෑවේ...


ගායනය - ලෙස්ලි ප්‍රනාන්දු
සංගීතය - මර්වින් පෙරේරා
ගී පද - ධර්ම ශ්‍රී වික්‍රමසිංහ





ලෙස්ලි ප්‍රනාන්දු මහතාගේ ඡායාරූපයක් සොයාගැනීම සඳහා උපකාර කල අස්වැන්න අඩවියේ දයානන්ද රත්නායක මහතාට අපගේ ස්තූතිය පිරිනමමු.

Comments

  1. ස්තූතියි හරේ... මේ සිංදුව ඇහෙවිට තමයි මටත් මතක්වුනේ මේක ලෙස්ලි කියල තියෙන්නේ කියලා. මොකද ලෙස්ලි වගේ ශිල්පීන් කැසට් කරලා නැහැ.මට හතෙන හැටියට. මේ අය වැඩි වශයෙන් හිටියේ කේමදාසයන් එක්ක. මම ටිකක් හොයල බලල අස්වැන්නෙන් ලෙස්ලි ගැන සටහනක් ලියන්නම්. ඔහුව සොයාගෙන හෝ...

    ReplyDelete
    Replies
    1. ඒ අදහසනං වටිනවා... මෙතුමා ගොඩක් කිතුනු බැති ගී තමයි කියල තියෙන්නේ නේද?

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...