මගේ හිත වෙනතක - ඉන්ද්‍රාණි පෙරේරා | Mage hitha wenathaka - Indrani Perera


මගේ හිත වෙනතක යාවී ඇති බව
විහිළුවටයි කීවේ
එය ඇත්තට ගෙන ඉවත බලාගෙන
ඇයි නොදොඩා ඉන්නේ
දරුණුද ඔතරම් හදවත ඔබගේ
හිනැහෙන්න දැන්වත් ඉතිං

ඔබ විනා නෑ වෙනින් කෙනෙකු මා පතන්නේ
එය ඔබ දැන දැන සෙනෙහස නැති සේ
ඇයි නිහඬව ඉන්නේ

මගේ හිත වෙනතක...

මේ වගේ සුළු දෙයින් ඔය තරම් උරණ වී
දුක සැප එක ලෙස විඳගනු කෙලෙසද
දැන්වත් හිනැහෙන්නේ

මගේ හිත වෙනතක...


ගායනය - ඉන්ද්‍රාණි පෙරේරා
පද රචනය - සුනිල් ආරියරත්න
සංගීතය - සරත් දසනායක

Comments

  1. පද : සුනිල් ආරියරත්න
    සංගීතය : සරත් දසනායක

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...