මගේ දේශය - නන්දා මාලිනී | Mage deshaya - Nanda Malini


මගේ දේශය මගේ ජාතිය මගේ ආගම
මට ලබාදුන් ත්‍යාගයයි
චණ්ඩ මාරුතයේ නොසෙල්වෙන
චින්තනය නිවහල්

නිවටයින්ගේ දෙපා අභියස
බියෙන් හැකිලී නැමී යා නම්
එවන් සිරසක් කුමකටද මට
ගෙලින් සිඳ එය ඉවතලනු මිස

මගේ දේශය...

මිළ මුදල් ලැබ කුවේරයින්ගේ
සිතට එරෙහිව ගයන්නට නම්
ඒ මධුර හඬ කුමකටද මට
ගොළුව බිහිරිව සතුටු වනු මිස

මගේ දේශය...


ගායනය - නන්දා මාලිනී
සංගීතය - රෝහණ වීරසිංහ
පද රචනය - සුනිල් ආරියරත්න


Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...