කුමාරියක් වගේ ඔබට - ක්ලැරන්ස් විජේවර්ධන | Kumariyak wage obata - Clarance Wijewardena


කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත
සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත //
ඔබ සිනාසෙන්න නැහැ දන්නේ
පියාඹන්න සැරසෙන්නේ
අහංකාර බැලම කොයින්දෝ

ඇල ඉවුරේ ගුරු පාරේ
වැට අයිනේ අඩි පාරේ
මා දැකලා හැම වාරේ
ආ හා ඇයි රවන්නෙ මා දිහාද
පෙම්කරන්න අපි එපාද දැන්

කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත
සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත //
ඔබ සිනාසෙන්න නැහැ දන්නේ
පියාඹන්න සැරසෙන්නේ
අහංකාර බැලම කොයින්දෝ

ඈත තියා දුටු වේලේ
අහක බලා යන තාලේ
තාම දුරයි මගෙ කාලේ
ආ හා තරහ ගන්නෙ පව් නොවේද
ඇයි රවන්නෙ අපි එපාද දැන්

කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත
සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත //
ඔබ සිනාසෙන්න නැහැ දන්නේ
පියාඹන්න සැරසෙන්නේ
අහංකාර බැලම කොයින්දෝ

ඔබ සිනාසෙන්න නැහැ දන්නේ
පියාඹන්න සැරසෙන්නේ
අහංකාර බැලම කොයින්දෝ


ගායනය, සංගීතය, ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන



Comments