කොමළ පපා මුකුළු පපා - ඇන්ටන් ජෝන්ස් | Komala papa mukulu papa - Anton Johns


කොමළ පපා මුකුළු පපා
අපේ ළඟට එන්නකෝ
‍ඔමරි ලතා බොළඳ කතා
අපිට කියලා දෙන්නකෝ //

ගෑණියෙක්ද පිරිමියෙක්ද
ඩ්‍රයිවර් කෝ කාර් එකේ
අනේ අපොයි ඇ‍ඟේ හැපෙයි
පාරේ උන්ට මාරකේ //
හෙමින් වරෙල්ලා
හෙමින් වරෙල්ලා
හෙමින් වරෙල්ලා
හෙමින් වරෙල්ලා
බලාගෙනයි මහ
පාරේ හෙමින් වරෙල්ලා

කොමළ පපා මුකුළු පපා...

තරහා වෙන්න එපා ඔන්න
නිකං කොලොප්පං කළේ
කොළඹ රටේ හතර වටේ
රවුමක් ගහමුද ලියේ //
මල් කුමාරියේ
තනියෙං සවාරියේ
මල් කුමාරියේ
තනියෙං සවාරියේ
එන්නද කුමාරියේ
යන්නට අපි සවාරියේ

කොමළ පපා මුකුළු පපා...

බයිල පොලේ තොයිලේ බොලේ
ඉවර වෙන්න ළඟ වගේ
අපව දමා පැනලා ගියා
පෙට්ට්‍රොල් ටික ටැංකියේ //
චෙරියෝ චෙරියෝ
චෙරියෝ චෙරියෝ
චෙරියෝ චෙරියෝ
චෙරියෝ චෙරියෝ
බැරියෝ බැරියෝ
තවත් බයිලා බැරියෝ

කොමළ පපා මුකුළු පපා
අපේ ලගට එන්නකෝ
‍ඔමරි ලතා බොලද කතා
අපිට කියලා දෙන්නකෝ//



ගායනය - ඇන්ටන් ජෝන්ස්
සංගීතය - එම්. කේ. රොක්සාමි
ගී පද - ශ්‍රී නිහාල් ඒ. ජයසිංහ




ඔහොම හරිද චිත්‍රපටියෙන්...

Comments

  1. හහහා...පට්ට සින්දුව :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  2. මං ආසයි මේ සිංදුවට !

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...