කොහේ සිට ඔබ - වික්ටර් රත්නායක | Kohe sita oba - Victor Rathnayaka


කොහේ සිට ඔබ පැමිණියේදෝ
සිහිනයේ රැඳුණු ඒ අප්සරා
මගේ ඉරබටු තාරකා
ඔබට ගැයෙනා නැවුම් කුළුඳුල්
ප්‍රේම ගීයයි මේ
කොහේ සිට ඔබ පැමිණියේදෝ

දෙනෝදාහක් අවට සිටියද
තනිවෙලා වේදනා වින්දෙමි මම්
නුවන් දාහක් අවට දුටුවද
දෙනෙත නලවන නෙතක් නුදුටිමි මම්
කොහේ සිට ඔබ පැමිණියේදෝ

පාළු ගනඳුරු රුදුරු රෑ මැද
නෙත වසා ආදරේ පැතුවෙමි මම්
මගේ සුසුමන් දැනෙන තරමට
ඔබට ළං වී කෙදින හිඳිමිද මම්

කොහේ සිට ඔබ පැමිණියේදෝ
සිහිනයේ රැඳුණු ඒ අප්සරා
මගේ ඉරබටු තාරකා
ඔබට ගැයෙනා නැවුම් කුළුදුල්
ප්‍රේම ගීයයි මේ
කොහේ සිට ඔබ පැමිණියේදෝ



ගායනය, සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන

Comments

  1. මෙහි ගිත රචනය කේඩීකේ ධර්මවර්ධන යනුවෙන් නිවැරදි විය යුතුයි. මේක ලිව්වෙ ප්‍රේම් නොවේ. “පොඩිමල්ලි“ චිත්‍රපටයට ඇතුලත් වූ ගිතයක්

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...