අයිරින් ජොසපින් රොසලින් - වොලී බැස්ටියන් / සමන් ද සිල්වා | Irene Josaphin Rosalin - Wally Bastian / Saman De Silva


අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින්
අතරින් පතරින් නටයිද කැතරින්
පියානො බැන්ජෝ ටැමරින් මැන්ඩලින්
වයලින් වයලින් ලෝකෙ නොනැසෙන වයලින්

වියෝලෙ මා සනසන වියෝලේ
වියොලේ ඔබ මගෙ අතෙ මෙවේලේ
ඔබේ මිහිරි නදට නිදැල්ලේ
නැලවේ ළදරුවො රන් තොටිල්ලේ
වියොලේ ඔබව නෑ මා හැර ගියේ
සංගීත සාස්තරේ කුමාරියේ
විනෝදේ ඔබනේ සුර ලියන්ගේ
වියොලේ වියෝලෙ මාගේ
වියොලේ වියෝලෙ මාගේ

අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින්...

ගේනා නාදෙට දෙව් සුර ලියන්
ඇසුවානේ ගුත්තිල පණ්ඩිත වට කරන්
නිරිඳුන් බිසෝවරුන්ද මනු දනන්
ආවානේ ඔබෙ තරගෙට දුර සිටන්
මිහිරී ගීත නාද ලියන්ගේ
ඇසිලා සිත් වැදුණ කුමර දනන්ගේ
නාදේ මහළු වුණත් අනර්ගේ
වියොලේ වියෝලෙ මාගේ
වියොලේ වියෝලෙ මාගේ

අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින්...

බාලෙදි ඔබට බැන්ද ආදරේ
මේ කාලේ සිට සිතෙන් මාගෙ නොම හැරේ
සිතේ ඇතිවෙන දුක් කරදරේ
ඔබගේ එක තාලයකට මග ඇරේ
මාගේ අවසාන මොහොත වෙලාවේ
නාදේ කුමටද මට නලාවේ
හමුවෙමු අපි දෙන්නා සුවර්ගේ
වියොලේ වියෝලෙ මාගේ
වියොලේ වියෝලෙ මාගේ


ගායනය - සමන් ද සිල්වා
මුල් ගැයුම, සංගීතය, ගී පද - වොලී බැස්ටියන්





වොලී බැස්ටියන්ගේ හඬින් අසන්න



3 comments:

  1. මේ ගීතය වොලිගේ කියලා මුලින්ම දැම්මා නම් නේද හොඳ?

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රශ්නෙ සින්දු පබ්ලිෂ් කරපු කීප වතාවකදිම මට ආපු එකක්. ඒ හැම වෙලාවෙදිම මම කලේ ගීතය වඩාත්ම අහල තියෙන වර්ෂන් එක කියන කෙනාගෙ නම දාන එකයි. මම හිතන්නෙ මේ ගිතය අහල තියෙන ගොඩ දෙනෙක් අතරිනුත් වැඩි කොටසක් අහල තියෙන්නෙ සමන් කියන වර්ෂන් එකයි!

      Delete
  2. ස්තූතියි වොලී බැස්ටියන් කිව්ව එකත් බෙදා ගත්තට...

    ReplyDelete

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...

Related Posts Plugin for WordPress, Blogger...