ඉර හඳ තරු මල් - අජිත් කුමාරසිරි | Ira handa tharu mal - Ajith Kumarasiri


ඉර හඳ තරු මල් නොයෙකුත් දේ ගැන
ගී පද වැල්
නිතරම වයනා එෆ් එම් මහතුනි
හපුතල් කන්දට බර ගෙනියනකොට
සීපද කිය කිය ගොන්නු දැක්කුවට
සින්දුම වය වය
මිනිස්සුන්ව ගෙනියන්නෙ කොහාටද

ජාතික ගීය වැයෙනකොට
පපුව කෙලින් කරගෙන සමහර අය
කොච්චර නම් ආඩම්බර වෙනවද
ජාතික ගීය හැදූ මිනිසා
ජාතික ගීය නිසා
සියදිවි නසාගන්නකොට
වටේට හිටියේ අපිමද මගෙ සඳ

මේ අපේ පරිසරයයි
මට පේන දේ තමයි
මේ අපේ සංස්කෘතියයි
මට දැණෙන දේ තමයි
සාමයයි කාමයයි
දැවටෙන පුංචි රටයි

වෙස්සන්තර දරුවන් දුන්නා
තවත් අය තව දේ දුන්නා
දෙන්න දෙන්න ණය වැඩි රට මේකද

මේ අපේ පරිසරයයි
මට පේන දේ තමයි
මේ අපේ සංස්කෘතියයි
මට දැණෙන දේ තමයි
සාමයයි කාමයයි
දැවටෙන පුංචි රටයි


ගායනය, සංගීතය, ගී පද - අජිත් කුමාරසිරි

Comments