ඉගිල්ලෙන්න උඩින් යන්න - සන්ෆ්ලවර් | Igillenna udin yanna - Sunflower


ඉගිල්ලෙන්න උඩින් යන්න ඇයි දඟලන්නේ
මිනිස්සුන්ට කකුල් දෙකයි තටු නැහැ එන්නේ
ගමනේ යෙදීලා යන හැටි බලාලා
ඇද කුද හොයාලා කියනව ගොතාලා
රාග තාල මාරු වෙවී පාදයේ
ඉඳල හිටල දකින ගමන මාවතේ
ගමනේ යෙදීලා යන හැටි බලාලා
ඇද කුද හොයාලා කියනව ගොතාලා

ගෑණියෙක්ද පිරිමියෙක්ද නෑ තේරුණේ
පද්දයි උකුල් කලාපේ
අපි ඔහෙ ඉන්නෙ අනේ අපේ පාඩුවේ
තරහද ඒයි මේ අනේ

වෙද්දු හෙද්දු දොස්තරු කලාකාරයො
ඩෝප් දාන වීරයෝ කචල් කාරයෝ
ඔය මොක්කු මොක්කු ළං වුණත් අපේ හාදයෝ
කොක්ක කැත්ත නං එපා අපිත් යාළුවෝ


ඉගිල්ලෙන්න උඩින් යන්න...


ඇවිදින මල මිනී වාගෙ ගමන් යන එන
ඩ්‍රැකියුලාල ඉඳියි ඔරවන
ගාල කඩපු හරක් වගේ කඩා බිඳගෙන
තව සමහරු යන්නෙ පිඹගෙන

ගෑණු පිරිමි මේ වගේ ගමන් කරනවා
මේව දැකල දෙයියනේ බයත් හිතෙනවා //


ඉගිල්ලෙන්න උඩින් යන්න...


කාසි වාසි හම්බුණාම ලැබුණ උන්දලා
පාරෙ යන්නෙ බොඩිය පුම්බලා
මහන්තත්වෙ ඔළුවෙ තියෙන අපේ මෑන්ස්ලා
උඩින් උඩින් යන්නෙ පියඹලා

එකා වාගෙ ඉපදී එක වාගෙ ඇවිදලා
ලොකු වුණාම ගමන් බිමන් ඇයි වෙනස්වෙලා //


ඉගිල්ලෙන්න උඩින් යන්න...



- සන්ෆ්ලවර්


Comments

  1. මේවට නං මගේ මනාපයක් නැතුවා

    ReplyDelete
    Replies
    1. මේ ගීතය මට නම් දේශපාලනිකයි. මිනිස්සු ලොකු වෙද්දි එක එක කුලක වලට වෙන්වෙන හැටි ගැනයි මේ සින්දුව. මට හිතෙන්නෙ මේක අවුරුදු 20කට වඩා පරණයි.

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...