දිනෙක හිරු බැස - වික්ටර් රත්නායක | Dineka hiru besa - Victor Rathnayaka


දිනෙක හිරු බැස යන වෙලාවක
සයුරු වෙරළක හුදකලාවෙක
කල්පනාවේ සිටිය මොහොතක
මතක් විය සිතුවිලි අතීතෙක //

සයුර මා විය අහස ‍ඔබ විය
දෙදෙන ළං වූ ක්ෂිතිජයක් විය
ඒ වෙලාවේ මට මතක් විය
කලක් ලොව අප ගැන සිතූ හැටි

දිනෙක හිරු...

සයුර මා විය අහස ‍ඔබ විය
දෙනෙත රැවටූ ක්ෂිතිජයක් විය
කී කථා‍වේ අරුත වැටහිණ
අහස සමුදුර එකතු වී යැයි

දිනෙක හිරු... //


ගායනය, සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන


Comments

  1. හැමදාම රස පිරි ගී පදවැල් පළකරනවට බොහොම ස්තූතියි.
    "දිනෙක හිරු බැස යන වෙලාවක" ගීතය ලිව්වෙ
    K. D. K. ධර්මවර්ධන ශූරීන්. ප්‍රේම් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. නිවැරදි කලාට ස්තූතියි. ඉදිරියටත් මේ වගේ අවුට් යන තැන් පෙන්නල දෙන්ට :-)

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...