ඔබයි මමයි මැවූ සිහින - මිල්ටන් මල්ලවආරච්චි | Obai mamai mawu sihina - Milton Mallawarachchi


ඔබයි මමයි මැවූ සිහින
ලොවම මැකී යයි
දෙඅත රැගෙන එකම දිනක
අප හමු වන්නයි

සුනිල පළිඟු දියෙන් සපිරි
පොකුණ මා තමයි
සුවඳ රුවද එකම පරිදි
රැගත් මල ඔබයි

ඔබයි මමයි මැවූ සිහින...

අපට නොමැත නීති රීති
සෙනෙහස පමණි
තවත් දිනක තවත් ලොවක
ඔබෙ අත ගනිමි

ඔබයි මමයි මැවූ සිහින...


ගායනය - මිල්ටන් මල්ලවආරච්චි
සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - බණ්ඩාර කේ.විජේතුංග


Comments