ආශා නිරාශා මැවූ - වික්ටර් රත්නායක | Asha nirasha mawoo - Victor Rathnayaka


ආශා නිරාශා මැවූ
ඈ ස්වප්න මායාවකී
ස්නේහේ ගඟුල් ප්‍රේමේ තැවුල්
මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි //

දවාලන්න පෙම් මාරුතේ
ඇයයි ළංව ඉන්නේ සිතේ
නිවාලන්න දුක් ජීවිතේ
ඇයයි නිල්ල මල් මාවතේ
දිවා රැයේ මා ළඟයි
මගේ අරුම පෙම් අංගනා

ආශා නිරාශා මැවූ...

නෙතේ හැංගි හැංගී හිඳී
සිතේ ස්වර්ණ යහනේ නිදී
මුවේ මන්දහාසේ දිදී
මගේ නින්ද ආයේ බිදී
දිවා රැයේ මා ළඟයි
මගේ අරුම පෙම් අංගනා


ගායනය - වික්ටර් රත්නායක
ගී පද - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - වික්ටර් රත්නායක


Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...