ආපසු එනවා - ප්‍රියා සූරියසේන | Apasu enawa - Priya Sooriyasena


ආපසු එනවා මගේ හිත ඉබි ගමනින්
ඔබ ඈතක රඳවා
කාට කියම්දෝ කෙලෙස කියන්නද මං
අප සිත් හඬන තරම්
අප සිත් හඬන තරම්

ඔබ නැවතුන තැන මගේ හිත ‍ඔබෙ ළඟ
වෙනතක නැතේ ලැගුම් //
කවුරු කියන්නද කෙලෙස පතන්නද
අද මා හෙලන සුසුම්

ආපසු එනවා මගේ හිත ඉබි ගමනින්...

ඉහට වහල සේ තරු පිරි අහසේ
නිවහන වූ පොළවයි //
හමුවූ තැන් වල ගස් වැල් වැළපෙයි
නොහඬමු ඔබයි මමයි

ආපසු එනවා මගේ හිත ඉබි ගමනින්
ඔබ ඈතක රඳවා
කාට කියම්දෝ කෙලෙස කියන්නද මං
අප සිත් හඬන තරම්
අප සිත් හඬන තරම්
අප සිත් හඬන තරම්
අප සිත් හඬන තරම්


ගායනය - ප්‍රියා සූරියසේන
තනුව - අර්නස්ට් සොයිසා
පද - දයා ද අල්විස්

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...