අනාගතේ කවුද වෙන්නෙ - රන්වල බලකාය | Anagathe kawda wenne - Ranwala Balakaya


හරිම හොඳයි හැම බබාම අද ඇවිල්ල වේලසනින්
අපි පන්තිය පටන් ගනිමු ආයුබොවන් ගුඩ් මෝනින්
ආයුබොවන් ගුඩ් මෝනින්

අද පාඩම පටන්ගන්න කලින් සැවොම මේ අහන්න
ලොකු වුණාම වෙන්න කැමති කවුද කියල මට කියන්න
අත උස්සල මට කියන්න

මානව හිමිකම් ගැන උද්ඝෝෂණ කරවන
එන්ජීඕ එකක් දමා ගන්නෙමි එහි මුල් තැන

ගයන නටන ඉස්ටාර්ල දැක මගෙ බඩ දනවා
සීසන් ටෙන් එකේදි හරි මම තරුවක් වෙනවා

තම තමාගෙ ගැන විතරක් දරුවනි හොඳ නෑ හිතන්න
ආස කෙනෙක් නැද්ද මෙතන රටට සේවයක් කරන්න

මම ඉපදුණ මගේ රටට නිහඬ සේවයක් කරන්න
මම ආසයි ජනාධිපති උපදේශක කෙනෙක් වෙන්න

මාධ්‍යවේදියෙක් වෙනව මමනම් ලොකු වීලා
රටට සේවෙ කරනව ඉල්ලන සින්දුව දීලා
කැමතිම සින්දුව දීලා

මෙගා නාට්ටියක් කරමි කොටස් දෙතුන්දහක
එහෙන් මෙහෙන් රඟපානව මමත් එහෙක දෙහෙක
අනෙ අපිත් එහෙක දෙහෙක

කෙනෙක් කරන දේ වැදගත් තමන්ට වාගෙම රටටත්
තමන් කැමති දේ කියන්න අත උස්සල කෙනෙක් තවත්

මම කැමතියි ක්‍රීඩාවෙන් ඉදිරියට එන්න
ලොකු වුණාම හරි ආසයි ක්‍රිකට් වලට යන්න

ක්‍රීඩාවත් හොඳයි පුතේ පෙරටම යන්න
උපන් රටට ගෞරවයක් අත්කර දෙන්න


මටනම් බෑ අව්වෙ දිගට ක්‍රිකට් ගහන්න
මෙමට ඕන ක්‍රිකට් බෝඩ් එකට පනින්න
බෝඩ් එකට පනින්න
පැනල සේවෙ කරන්න
ක්‍රීඩකයින් තෝරන්න
වර්ල්ඩ් කප් එක ගන්න


ගායනය - රන්වල පොඩි බලකාය
සංගීතය - රන්වල බලකාය
ගී පද - ගාමින්ද ප්‍රියවිරාජ්


Comments

  1. අගේ ඇති උපහාසාත්මක නිර්මාණයක් තැන්කූ

    ReplyDelete
  2. හෙ හෙ මං මේ සින්දුව දවසක් රේඩියෝ එකේ යද්දි අහලා හොය හොයා හිටියෙ.බොහෝම ස්තූති යි hare...))

    ReplyDelete
  3. මේක රන්වල බලකායෙ ත්‍රී ප්‍රසංගයේ එන සින්දුවක්! ලියල තියෙන්නෙත් එසේ මෙසේ මනුස්සයෙක් නෙවෙයිනේ :-)

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...