අකුරට යන්නට - ස්වර්ණලතා කවීශ්වර | Akurata yannata - Swarnalatha Kaveeshwara


අකුරට යන්නට කම්මැලි හිතිලා
බොරුවට අඬනා පුංචි දුවේ
මමත් ඔබ වගේ මං පොඩි කාලේ
ඔහොම කලා මට මතක තියේ //
මං පොඩි කාලේ

මල්ලී සමගින් වැලි පොල්කටු ගෙන
සෙල්ලම් ගෙයි බත් උයන්න හිතුනද
නැතිනම් මල්ලිගෙ ඇදුරුතුමිය වී
පුංචි පාසලක් දමන්නට හිතුනද

අකුරට යන්නට...

සෙල්ලම් යුගයක් අවසන් වීලා
සෙල්ලම් ගෙය අමතක වී යන සඳ
කෙලි සෙල්ලම් වල අරුමය මතුවට
වැටහෙයි පාසැල් නොගියොත් හෙම අද

අකුරට යන්නට කම්මැලි හිතිලා
බොරුවට අඬනා පුංචි දුවේ
මමත් ඔබ වගේ මං පොඩි කාලේ
ඔහොම කලා මට මතක තියේ //
මං පොඩි කාලේ



ගායනය - ස්වර්ණලතා කවීශ්වර
ගී පද - ජෝජ් රොබ්සන් ද සිල්වා


Comments

  1. ආසම කරන ගිතයක් ස්තුතියි..

    ReplyDelete
  2. මේ සින්දුව ඉස්සර ගුවන් විදුලි තැටියක තිබුණා වගේ මතකයි.

    තවත් සින්දුවක් තිබුණා නේද මේ ගායිකාවගේම ස්වර්ණප්‍රදිපායමාන සුන්දර දෙරණයි... කියලා?

    ReplyDelete
  3. @ කසූ - මතක් කරාට තැංකිව් වේවා! ඒකත් මරු සින්දුවක්. මෙන්න මෙතන තියෙනවා. වචන ටික ලියල දාන්න ඕන!

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...