ආවාට තිබුණත් - නිමල් ගුණසේකර | Aawata thibunath - Nimal Gunasekara


ආවාට තිබුණත් නිසසල සඳ මත
එය හරි ප්‍රියංකරයි
මා කාට නැතුවත් ඔබට පිදු පෙම
සඳ මෙන් අහිංසකයි
එතරම් අහිංසකයි

මංගල පෝරුව මතට එදා ඔබ
දෙපා නැගූ ඒ සුබ ‍මොහොතේ //
සිහිසන් නොමැතිව වැටුණු අයුරු දැක
අනුකම්පාවකි මසිත වෙලාගත්තේ

ආවාට තිබුණත් නිසසල සඳ මත...

සාදා කාලයෙන් සදා කලයට
අපිට උරුම නෑ දුක්‌ කඳුළු //
මැලවුනු මල් පෙති යළි පුබුදන්නට
අපේ ලොවට හෙට හිරු පායා එනවා

ආවාට තිබුණත් නිසසල සඳ මත
එය හරි ප්‍රියංකරයි
මා කාට නැතුවත් ඔබට පිදු පෙම
සඳ මෙන් අහිංසකයි
එතරම් අහිංසකයි
සඳ මෙන් අහිංසකයි
එතරම් අහිංසකයි


ගායනය - නිමල් ගුණසේකර
පද රචනය - නිමල් ජූලිගේ
සංගීතය - නිමල් ගුණසේකර


වීඩියෝව ගත්තේ මෙතැනින් -  Sinhala Song

Comments

  1. මම කැමතිම ගීයක්.. මට මතක හැටියට මේක මුලින්ම මුල්වරට ප්‍රචාරය වුනේ නන්දන වින්ද වැඩසටහනින්. එක රැයින් ජනප්‍රිය වුණා..

    නිමල් ගුණසේකර සහ කපුගේ ගැයූ ගියක් තියෙනවා විහාර මලුවේ කියලා.ඔබට හමුවෙලා තියේද දන්නෙ නැහැ ඒ ගීය ඒකත් හරිම ලස්සන ගීයක්

    ReplyDelete
    Replies
    1. ගොඩක් ඉස්සර අහල තිබුණා. මෙන්න මෙතන තියෙනවා...

      Delete
    2. විහාර මළුවේ ගීතය මම කැමතිම ගීයක්. ඒක මේ කාලයට ගොඩක් ගැලපෙනවා

      Delete
  2. පද රචනය: නිමල් ජූලිගේ
    සංගීතය: නිමල් ගුණසේකර

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. Original Song

    https://www.youtube.com/watch?v=MEz5GI2cPQE

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...