හිත දුර හන්දා (ආයෙමත් ආදරෙන් 2) - ආත්මා ලියනගේ | Hitha Dura Handa (Ayemath Adaren 2) - Athma Liyanage


හිත දුර හන්ඳා - නෙතු ලග හංඟා
සිහින ගණින හින්දා...
තනිකම හංඟා - ඈතක රන්දා
මතක හිත ඇහින්දා...
අරුත කියන සෙනෙහේ
නුඹම වේද මංදා...

ඈත අතීතෙක අමතක සෙනෙහේ
හිතවත් කරනා...
සිහින පොතේ කවි දහසක් අතරේ
නුඹමයි හිදිනා...
නොමැකෙන සේ හදවතේ ඉන්න නුඹ
අළුතින් පතනා

හිත දුර හන්දා....

අහස වගෙයි නුඹ සිතුව අතීතේ
මතකෙට නැගෙනා..
හැඩවෙන ලඟ තනියට ඉන්නම්
නුඹමද කියනා...
ඉස්සර දවසක තහනම් හීනේ
ආයෙත් දකිනා...

හිත දුර හන්දා....

ගායනය : ආත්මා ලියනගේ
පද රචනය : රචිත වාකිශ්ට
සංගීතය : තිලිණ රුහුණගේ


Comments

  1. අහස වගෙයි නුඹ සිතුවමක් දෝ niwaradi wenna oni
    අහස වගෙයි නුඹ සිතුව අතීතේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ..වෙනස් කලා

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...