තත් තත් තත් තාර පැටිය - හෙන්රි කල්දේරා | Thara petiya - Henri Kaldera


තත් තත් තත් තාර පැටිය
තාත්ත ගෙනා තාර පැටිය
පුතා මගේ තාර පැටිය
තාත්ති අතේ දොයි
තාත්ති අතේ දොයිය පුතේ
තාත්ති අතේ දොයි
තාත්ති අතේ දොයිය පුතේ
තාත්ති අතේ දොයි

කිරට ගියා අම්මි පුතේ
කිරි එරවා එන්ට පු‍තේ
කිරි මුට්ටිය අතින් පුතේ
ගඟේ වැටි දොයි
අම්බිලියෝ පිනෝ පිනෝ
වළං කදක් ගෙනෝ ගෙනෝ
අන්න පුතේ මුවා වෙලා
වලාකුළේ දොයි
අන්න පුතේ මුවා වෙලා
වලාකුළේ දොයි

තත් තත් තත් තාර පැටිය...

ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
ගලින් ගලට පනින්නෙ නෑ
බබුට බයේ දොයි
චූටි බබා කෝ කියා
පුතාට දොයියන්න කියා
කෝකිලයා අන්න පුතේ
දිවුල් ගහේ දොයි
කෝකිලයා අන්න පුතේ
දිවුල් ගහේ දොයි

තත් තත් තත් තාර පැටිය...

දොමි තරිකිට තාන් කියා
කරිකිට තක දෝං කියා
වැල ගෙඩියක් ආන් පුතේ
ගහින් වැටී දොයි
ඔන්න බබෝ බිල්ලො එනවෝ
අඬන ළමයි අල්ලනවෝ
අනේ මෙහේ එන්න එපෝ
අපේ පුතා දොයි
අනේ මෙහේ එන්න එපෝ
අපේ පුතා දොයි

තත් තත් තත් තාර පැටිය
තාත්ත ගෙනා තාර පැටිය
පුතා මගේ තාර පැටිය
තාත්ති අතේ දොයි

තාත්ති අතේ දොයිය පුතේ
තාත්ති අතේ දොයි ////


ගායනය, සංගීතය, ගී පද - හෙන්රි කල්දේරා


Comments

  1. මං මුලින්ම කල්දේරා ගේ සිංදුවක් ඇහුවෙ හතර වසරෙදී.. ඊට පස්සෙ මට එයාව දකින්න ලැබුන අනුරාධපුරේ නාච්චදූව වැවේදී..

    ආයිමත් ඔහු මතක් කළාට ස්තූතියි.. තවමත් මං රස විඳින ගායකයෙක්..
    මමත් කැමතියි මගේ සිංදු පොතේ තියෙන සිංදුත් ඔයාලට දෙන්න..

    ReplyDelete
  2. හරිම අපූරුයි.. ඉස් ඉස්සෙල්ලාම ගොඩ වැදුනේ.. සුභ පතනවා!

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...