සිහිනෙන් ඔබ මට - මිල්ටන් මල්ලවාරච්චි | Sihinen oba mata - Milton Mallawarachchi


සිහිනෙන් ඔබ මට පෙනෙනවනම්
අවදි නොවී ඉන්නම්
කිසිදා ඔබෙ අත නොලැබේ නම්
සැමදා තනි වෙන්නම්

ආසිරි ගී මැද පෝරුව මත හිඳ
මහපටැඟිලි බැඳ අතපැන් වත් කර
ඔබ කැඳවා යන්නම් නැතිනම් තනිවෙන්නම්
ඔබ කැඳවා යන්නම් නැතිනම් තනිවෙන්නම්

සිහිනෙන් ඔබ මට පෙනෙනවනම්...

ජීවන ගමනේ බාධක දුක සැප
එකසේ පිළිගෙන හිනැහෙනු මැන ඔබ
තනියට ළඟ ඉන්නම් නැතිනම් තනිවෙන්නම්
තනියට ළඟ ඉන්නම් නැතිනම් තනිවෙන්නම්

සිහිනෙන් ඔබ මට පෙනෙනවනම්...


ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
ගී පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
සංගීතය - සෝමපාල රත්නායක


Comments

  1. සුපිරි කටහඬ මිල්ටන්...
    සිංදුව නම් දැන් අහන්න වෙන්නෑ...:(

    ReplyDelete
  2. පද : කේ.ඩී.කේ ධර්මවර්ධන
    සංගීතය : සෝමපාල රත්නායක.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...