සිහින පැතුම් විමනේ - ඇනස්ලි මාලේවන | Sihina pathum wimane - Annesley Malewana


සිහින පැතුම් විමනේ
රස මිහිර ‍ගෙනා පුතුනේ
නැලවී නැලවී හිනැහී හිනැහී
නිදියන් පොඩි පුතුනේ //

දෑසයි කුඩා ඔබගේ
ලපටි දෙතොල් පුතුනේ
කාගෙයි කියා සිතුවේ
මුහුණයි රුවයි ඔබගේ
පැහැයයි හැඩයි පුතුනේ
මාගෙන් නොවෑ ලැබුණේ

සිහින පැතුම් විමනේ...

මා මෙන් ඔබත් පුතුනේ
මිනිසෙක් වෙලා දෙරණේ
රට දැය කෙරේ බැඳිලා
මව්බිම ඔබෙයි සිතලා
පණ මෙන් ඔබේ රැකලා
දිරිගත යුතුයි පුතුනේ

සිහින පැතුම් විමනේ...


ගායනය - ඇනස්ලි මාලේවන
සංගීතය, ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන

මුල් ගැයුම මෙතනින්



Comments