රන් සමනළයින් - ක්ලැරන්ස් විජේවර්ධන | Ran Samanalayin - Clarance Wijewardena


රන් සමනළයින් ඉගිළෙනු දැක මට
ඇගෙ නෙතු පියළිය සිහි වෙනවා
රන් සුරපුරකට මා කැඳවන්නට
රම්‍යා ගැන සිතුවිලි එනවා

පොත් මිටියක් ගෙන ළමැද තබා
කෙටි පියවර මැන තනිව මගේ
පාසල වෙත යන ගමන ඇගේ
මතකින් නොමැකී තවම තිබේ

රන් සමනළයින් ඉගිළෙනු දැක මට...

සිතුවිලි පොදි බැඳ මහද රැඳී
සෙනෙහස් ගඟුළේ සිටිය රැඳී
කවදද මගෙ සෙවණට එන්නේ
රම්‍යා මට ඔබ සිහි වෙන්නේ

රන් සමනළයින් ඉගිළෙනු දැක මට
ඇගෙ නෙතු පියළිය සිහි වෙනවා
රන් සුරපුරකට මා කැඳවන්නට
රම්‍යා ගැන සිතුවිලි එනවා
එනවා එනවා එනවා



ගායනය, සංගීතය, ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන


Comments

  1. පුළුවනිනම් ගී වන MP3 ලින්ක් එකක් දෙන්න.

    ReplyDelete
    Replies
    1. මේ හැම ගීතයකම mp3 ගොනුවක් හොයන එක ටිකක් අපහසු නිසයි අවශ්‍ය කෙනෙක්ට පහසු වෙන්න යූටියුබ් වීඩියෝව ‍දෙන්නේ :-)

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...