පැතුම් පිරීලා - ප්‍රියා සූරියසේන | Pathum pirila - Proya Sooriyasena


පැතුම් පිරීලා උතුරා යනවා
ඇය අද එනවා හමු වේදෝ
සිතත් පිරිලා ඇගේ රුව දැකලා
ඇගේ සිත අසලා සැනසේදෝ

වසන්තයේ දිනයක් සිහිවෙන්නේ
දසන්තයේ සිතුවිලි මුසුවෙන්නේ
ළමාවියේ මෙන් යොවුන් වියේදී
වෙනස් නොවීලා ඉමු අපි දෙන්නා

පැතුම් පිරීලා...

අවන් හලේදී තනි වී දෙන්නා
රුවන් වන් පැතුම් මවමින් උන්නා
ඒ පැතුම් සැබෑ වී නව ලොවක් උදාවී
වෙනස් නොවීලා ඉමු අපි දෙන්නා

පැතුම් පිරීලා...


ගායනය - ප්‍රියා සූරියසේන
සංගීතය, ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන


Comments

  1. පද රචනය හා සංගීත අධ්‍යක්ෂණය - ක්ලැරන්ස් විජේවර්ධන

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...