හීනෙක තනිකරලා - ඉරාජ්, තිවංත ලක්මාල්, දේවශ්‍රී ද සිල්වා | Heeneka Thanikarala - Iraj, Thiwanka & Devashrie


දඟකාර දෙකොපුල් අතරේ..
තනිවෙන්න හිතුනා ආයේ..
හසරැල්ල ඔය සුදු මුහුණේ..
මැවෙනවා මගෙ හිත අයිනේ...

මාව හීනෙක තනිකරලා...
ඈත යන්නට මං ගිය දා...

තුරුලේම උන්නු කාලේ..
මතකයත් කවියක් වාගේ..
ලස්සනයි නේද රත්තරන් මගේ..
ඔබ ගිහින් දුරු කතරක - විදි දුක ගැන හිතා
මගේ හිතේ ගිනි කදුළු වෙලා....

දඟකාර දෙකොපුල්...

අන්ධකාරයේ ඔය දෙනෙතම මං හොයලා...
ආදරේ පදවැල් කඳුලක අමුණලා...
පුංචි ඔය ඇස්වලින් මට නොකියූ කතා...
අහන් ඉන්න ආසයි තව ලංවෙලා...

දඟකාර දෙකොපුල්...

ගායනය : ඉරාජ් වීරරත්න, තිවංක ලක්මාල් සහ දේවශ්‍රී ද සිල්වා
පද රචනය : ලක්මාල්
සංගීතය : ඉරාජ් වීරරත්න

Comments