ගීයක් ලියන්නේ කෙසේදෝ - ක්ලැරන්ස් විජේවර්ධන | Geeyak liyanne kesedo - Clarance Wijewardena


ගීයක් ලියන්නේ කෙසේදෝ
කාටදෝ කා ගැනදෝ //
ගීයක් ලියන්නේ කෙසේදෝ

පෑනයි පොතයි මාගෙ හිස් වූ හිතයි
නින්දෙන් වගේ අඩවන් වූ නෙතයි //
සිතෙන්දෝ දකින්නේ නෙතින්දෝ මගේ
ලියා දෙන්න කවුරුත් නැතේ

ගීයක් ලියන්නේ කෙසේදෝ
කාටදෝ කා ගැනදෝ
ගීයක් ලියන්නේ කෙසේදෝ

මුහුදයි තෙරයි ඈත ආකාසයයි
තරුවයි සඳයි ඒ පරාදීසයයි //
කොහෙන්දෝ පටන්ගන්නෙ අවසන් කරන්නේ
කියා දෙන්න කවුරුත් නැතේ

ගීයක් ලියන්නේ කෙසේදෝ
කාටදෝ කා ගැනදෝ //
ගීයක් ලියන්නේ කෙසේදෝ


ගායනය, සංගීතය, ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන




මේ ක්ලැරන්ස් ලියූ මුල්ම ගීතයයි!

Comments