දුර කඳු යාය මටයි - උපාලි රන්තිලක | Dura Kadu Yaya Matai - Upali Ranthilake


දුර කඳු යාය මටයි - නිල්ල නිලන්නේ නුඹටයි
මේ මුළු ලොවම මටයි - මගේ ආදරේ නුඹටයි

බඹරුන් යාය පුරා රොද බැඳ බැඳ දුවන තුරා
මලකට සිත් පීඩා නෑ.....
ගහමල් වරන දිනේ අතීතයේ සුවඳ සොයා
කිසි බඹරෙකු හැඬුවෙ නෑ.....

දුරකඳු යාය මටයි........

වියළුණු කතර බිමේ දිය බිඳ බිඳ වැටෙන තුරා
කතරට සයුරක් මදි නෑ.....
නිදි නැති පාළු රැයේ නුඹ ගැන සිහි කරන තුරා
මගෙ හිතටත් නිවනක් නෑ.....

දුර කඳු යාය මටයි.....


ගායනය - උපාලි රන්තිලක
තනුව - රෝහණ වීරසිංහ
පද - යමුනා මාලනී පෙරේරා




වීඩියෝව - Nihal Rajapakse

Comments

  1. මේකෙ පද යමුනා මාලිනී පෙරේරා, සංගීතය රෝහණ වීරසිංහ

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...