ආදරණීය නේරංජනා - ප්‍රියා සූරියසේන | Aadaraneeya Neranjana - Priya Sooriyasena


ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා

ඔබ මුදු මදහස් රැළි මාලාවේ
වෙලී බැදුණු දින රඟ ශාලාවේ
තුන් හිතකින්වත් නොසිතූ විලසින්
යළි ඔබ දැකුමට ආ වේලාවේ
අප හමු වූ ගෙවුයන් සීමාවේ
එක මොහොතක් පමණකි තනි වූයේ
මටම ම පුදුමයි අදහන්නට බෑ
මම ම නොවේ යළි ඉන් පිට වූයේ

කවුදෝ මා පසු පස එනු දැනුණා
පාළු වීදියේ තනිකම මැකුණා
ජීවමාන කිසිවකු සිටියේ නෑ
එනමුදු කවුදෝ ඇති බව වැකුණා
නිදියහනේ මා නින්දට වැටුණා
ඔබ මා සිහිනෙන් අමතනු පෙනුණා
එනමුදු කෙලෙසද ඇගේ අත ගන්නේ
මගේ සිතම මට මුමුණනු ඇසුනා

ආදරණීය නේරංජනා //


ගායනය, සංගීතය - ප්‍රියා සූරියසේන
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්


Comments

  1. මම හරිම ආස සිංදුවක් මචං
    ස්තූතියි

    ReplyDelete
  2. ".....එනමුදු කවුදෝ ඇති බව හැඟුණා...."
    මම අහපු එකේ තුබුණේ මෙහෙම.

    මේ කටයුත්ත ඉතාම හොඳයි. නිවැරදි දේ ඉදිරිපත් කරන්න ඔබ වෙන මහන්සිය අගය කරනවා. අපෙනුත් පුළුවන් උදව්වක් දෙන්නම්. ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. ප්‍රියාගේ ගීතවල ඇතැම් වචනයක් දෙකක් ඔහුම වෙනස් කරපු අවස්ථා අපටත් හම්බවෙලා තියෙනවා.

      වඩා නිවැරදි ගී පද ලබා දෙන්න අඩවිය අස විඳින ඔබ දක්වන ප්‍රතිචාරත් උදව් වෙනවා :-)

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...