මුළු ලොවම නැති වුණත් - ටී.එම්.ජයරත්න | Mulu lowama nathi wunath - TM Jayarathna

මුළු ලොවම නැති උනත්
එකම හදවතක්
ඇත ඔබේ නාමයෙන්
ඇත ඔබේ නාමයෙන් //

ඔබේ සෙවණෙහි රැඳී ඉන්නට
වරම් නැති වූ ලෝකයෙන්... //
වෙන්ව සිටිනා හුදකලාවේ...
එකම එක හදවතක්
ඇත ඔබේ නාමයෙන්

මුළු ලොවම...

ලොවේ දිනයෙක තනි වුණෝතින්
ඔබේ හද සෝ තාපයෙන්... //
සොයා එන්නට සිටින කැපවී
එකම එක හදවතක්
ඇත ඔබේ නාමයෙන්

මුළු ලොවම...

ගායනය - ටී. එම්. ජයරත්න


ආඩම්බර සඳ - කසුන් කල්හාර | Adambara sanda - Kasun Kalhara

ආඩම්බර සඳ සිරියහනට වැද
ඇයි අද මේ තරමට දඟ
කියන්න කියන්න කියන්න
කියන්න පුන්සඳ

කෞමතී මලක් යහනට එවන්නේ කවදද//

දොර සිදුරෙන් ආල කැළුම්
සිරි යහනේ අතුරලා
රෑ කුමාරි මල් සුවඳක්
සුළඟෙ එවයි දවටලා...
ඕ.... හොඕ...
හැමදාමත් සිහින වැලක්
ඉහ ඉද්දර බොඳ කලා....

නීල වලා කෙඳි අමුණා
යහන වටේ සරසලා
සිකුරු තරුව කැන්දාගෙන
යහනේ සරදම් කලා...
පිණි කඳුලක් තබා හොරෙන්
උදේම පිටමං වෙලා...

ආඩම්බර සඳ සිරියහනට වැද...

ගායනය - කසුන් කල්හාර

මේ ගීතයේ මුල් පිටපතක් හොයාගන්න බැරි වුණා. නමුත් ගී පැදුරට ලියන්න තරම්ම සම්පූර්ණ ගීතයටම බැඳුණ නිසා ලිව්වා. හොඳ පිටපතක් තියෙන කෙනෙක් ඉන්නවනම් සබැඳියක් ලබාදෙන්න.

සිත ඔබට මුවා වී - නිරෝෂා විරාජිනී | Sitha Obata Muwa Wee - Nirosha Virajini

සිත ඔබට මුවා වී ඉකිබිදිනා
ඔබ ඇය හා සිනා සී සුව විදිනා
ප්‍රේම ලොවේ දොර කවුළු වැසී..
සිත ඉකි ගසමින් හඬන හැටි
සිත පෙමට මුලා වූ දා ඉදලා...

සිත ඉවසන් නැ කොපමණ සිතුවත්
දුක අඩු වී නෑ කොපමණ හැඬුවත්...
ඔබ පෙම් කර නැ මා පෙම් කෙරුවත්
සිත පෙමට මුලා වූ දා ඉදලා..

සිත ඔබට මුවා වී...//

සිත පිළිගන්නෑ ඔබ ඇගෙ කීවත්
දුක අඩුවක් නැ ඔබ හමුවූවත්...
ඔබ සමුගෙන නැ ඇය සැනසූවත්
ඔබ ඇයට ලඟා වූ දා ඉදලා..

සිත ඔබට මුවා වී...//

ගායනය : නිරෝෂා විරාජිනී
සංගීතය : සමන්ත පෙරේරා
පද රචනය : අරුණ කිත්සිරි


Related Posts Plugin for WordPress, Blogger...