තරු මල් යායම - ගුණදාස කපුගේ | Tharu Mal Yayama - Gunadasa Kapuge

තරු මල් යායම
පොඩිකර අහස් විලේ
ඉර හඳ මිරිකා
දියකර සාගරයේ
අඳුරේ උන්නෙමි ලොවම එපා වී
මා හැරදා ඈ ගිය දවසේ
මා හැරදා ඈ ගිය දවසේ

දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැතී
පාළු නැසූවෙමි තනියට කෙනෙක් නැතී
තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
එකම ළඳක් වෙත පෙම් කල උමතුවෙනි

තරු මල් යායම...

නුවර උයන් මැද හමුවූ ළඳුන් නැතී
යටැසින් බැලු නෙත් රහසින් කතා නැතී
තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
එකම ළඳක් වෙත පෙම් කල නිසාවෙනි

තරු මල් යායම...


සඳ කැන් දහරින් - මාලිනී බුලත්සිංහල | Sanda ken daharin - Malini Bulathsinghala

ලලල ලල ලල ලල ලා........
ලලල ලල ලල ලල ලා........
ආ....අ අ ආ.......

සඳකැන් දහරින් - දෙනුවන් පිරිලා..
දෙනුවන් කැළුමින් - පියුමන් සැලිලා..

හිරිපොද වැහි වැටිලා...
කුරහන් මල් තෙමුනා...
හිවුඩු පිපෙන සුළගේ...
සුවඳ මැකී වියැකී...

ලලල ලල ලල ලල ලා........
ලලල ලල ලල ලල ලා........//
ආ....අ අ ආ.......

සඳකැන් දහරින්...//

ඉද්ද සමන් පිපිලා..
වන පෙත හිනැහෙනවා..
කොවුලිදු ගී ගැයුවා
ගං දොරකඩ රැදිලා...

ලලල ලල ලල ලල ලා........
ලලල ලල ලල ලල ලා........//
ආ....අ අ ආ.......

ගායනය : මාලිනී බුලත්සිංහල
පද රචනය : කිත්සිරි නිමල් ශාන්ත
සංගීතය : ප්‍රේමසිරි කේමදාස
“වෙදහාමිනේ“ ටෙලිනාට්‍ය තේමා ගීතය

මේ තරම් සියුමැලිද කළු ගල් - සුනිල් එදිරිසිංහ | Me tharam siyumelida - Sunil Edirisinghe

මේ තරම් සියුමැලිද කළු ගල්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා //

කලා වැව ලඟ ඉලුක් හෙවනක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා

මේ තරම්...

ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුණා ඔහු
තවම තනිකඩයැයි කියා //

මේ තරම්...

ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : රවි වසන්ත වෙල්ගම
සංගීතය : දර්ශන රුවන් දිසානායක

ගිම්හාන කාලේ - ශෂිකා නිසංසලා

ගිම්හාන කාලේ - සිත්යායෙ ගෑවිලා
ලංවේද මා ආයේ දෑසේ..
සිත් මාගේ පෑරේද - වස්සානෙ වාගේ
සංකා නොදී පාව ඒදෝ මා සොයා..

තිර වේදනා ගෙනා - පාව ගිය පාළු ජීවිතේ
යලි චෝදනා එපා - දෑත බැදි සීත හෝරාවේ
හද යාවෙලා සදා - පෑහි ඉමු මේ වාගේ
පිදු ආදරේ නිසා - මාගේ හද ආශාවේ...

නන්නාද වේ සිනා - සෘගාරෙ වෑහෙනා
සංතාප හෝරාව පාවීලා...
නින්දාද පාවේලා - පින්තාරෙ ගෑවිලා
කැන්දා ගෙනා හීන ගෑවෙයි රෑ පුරා....

තිර වේදනා ගෙනා....

නිස්සාර කාරනා - ඇස්ගාව තෝරලා
හිංසාව නැ මාව පාරාලා...
සිත්මාගේ සාදලා - සත්පාට ගාවලා
කැන්දා ගෙනා හීන ගෑවෙයි රෑ පුරා...

තිර වේදනා ගෙනා...

ගායනය : ශෂිකා නිසංසලා
පද රචනය : ශෙහාන් ගලහිටියාව
සංගීතය : රොමේශ් සුගතපාල


සුපෙම්බරා - නීලා වික්‍රමසිංහ | Supembara - Neela Wickramasinghe


හැන්දෑව මංමුලා වෙලා....
රිදී පාට ඇස් දිලේ
සරා සැලෙන නුරා
නිශාචර සඳ එළිය යටින්
ඇවිදින්...ද අදත් සාදයේ
මල් හී දරා... සුපෙම්බරා...
සුපෙම්බරා...

බඳුන් මදිරා දියට කලතා
වැගිරෙන ප්‍රේම කල්පනා //
දුරින් දුරින් අවුස්සා
ඇවිදින්...ද අදත් සාදයේ
මල් හී දරා... සුපෙම්බරා...
සුපෙම්බරා...

අඳුන් වුවනේ දෙතොල රස පා
වියලෙන දෑස කිතිකවා //
සෙමෙන් සෙමෙන් හිත අවුළුවා
ඇවිදින්...ද අදත් සාදයේ
මල් හී දරා... සුපෙම්බරා...
සුපෙම්බරා...

හැන්දෑව මංමුලා වෙලා....
රිදී පාට ඇස් දිලේ
සරා සැලෙන නුරා
නිශාචර සඳ එළිය යටින්
ඇවිදින්...ද අදත් සාදයේ
මල් හී දරා... සුපෙම්බරා...
සුපෙම්බරා...

සුපෙම්බරා...


ගායනය - නීලා වික්‍රමසිංහ
සංගීතය - නදීක ගුරුගේ
ගී පද - චාමින්ද රත්නසූරිය

ළඟින් මගේ ඔබ සතපා - චන්ද්‍රලේඛා පෙරේරා | Langin mage oba sathapa - Chandralekha Perera

ළඟින් මගේ ඔබ සතපා
හදින් මගේ කතා කළා
හදට ඔබේ නොදැණුනාද
මගේ ආදරේ
මගේ ආදරේ..//

ඇවිත් වගේ අඳුරු වලා
ඔබ ළඟ නෑ දුරස් වෙලා
පෙම් කළ හද වෙනස් වෙලා
මක් උනාද මේ
නැතුව ආදරේ
ඔබේ ආදරේ

ළඟින් මගේ ඔබ සතපා..
හදින් මගේ කතා කළා..

මගේ හදින් දුරස් වන්න
අන් හදකට පෙම් කරන්න
හදට ඔබේ හැකි උනාද
නැතුව ආදරේ
මගේ ආදරේ..
මගේ ආදරේ..

ළඟින් මගේ ඔබ සතපා..
හදින් මගේ කතා කළා..

අඳුරු වලාකුළක් වගේ
අඳුරුයි දැන් සිතද මගේ
අඳුරු වලාකුළක් වගේ
අඳුරුයි දැන් සිතද මගේ
මගේ කඳුළු පිසලන්නට
නොහැකි වේද ඔබේ සිතට
පුදා ආදරේ
ඔබේ ආදරේ

අළුත් පෙමින් විඩා වෙලා
ආවෝතින් මාව සොයා
අතීතයට සමුදීලා
පිළිගන්නට හිඳියි බලා
මගේ ආදරේ
මගේ ආදරේ

ළඟින් මගේ ඔබ සතපා
හදින් මගේ කතා කළා
හදට ඔබේ නොදැණුනාද
මගේ ආදරේ
මගේ ආදරේ

හදට ඔබේ නොදැණුනාද
මගේ ආදරේ
මගේ ආදරේ
මගේ ආදරේ
මගේ ආදරේ
මගේ ආදරේ
ඔබ නැද්ද ආදරේ

ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය - නන්දන වික්‍රමගේ
සංගීතය - රූකාන්ත ගුණතිලක


ගතින් ඉන්නට - චන්ද්‍රලේඛා පෙරේරා | Gathin innata - Chandralekha Perera

ගතින් ඉන්නට නැතත් ලංවී
සිතින් යන්නට එපා වෙන්වී
ඔබෙන් තොරවූ ලෝකයක්
සිතා ගන්නට බෑ... සිතා ගන්නට බෑ...

ඔබේ දෙනෙතින් ලොව දකින්නෙමි
ඔබේ වදනින් ලොව අසන්නෙමි
නවාතැන ජීවන මගේ...
ඔබේ සෙවනැල්ලයි... ඔබේ සෙවනැල්ලයි...

ගතින් ඉන්නට..

ඔබේ ඇසුරින් යලි උපන්නෙමි
ඔබේ දැකුමෙන් දිවි ගෙවන්නෙමි
සදාතන ජීවය හදේ...
ඔබේ හසරැල්ලයි... ඔබේ හසරැල්ලයි...

ගතින් ඉන්නට..

ගායනය : චන්ද්‍රලේඛා  පෙරේරා
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : රෝහණ වීරසිංහ

පෙනෙන නොපෙනෙන - ආත්මා ලියනගේ | Penena nopenena - Aathma Liyanage

පෙනෙන නොපෙනෙන දුරක ඉදන්..
නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්..
ආවාට නොකියාම ජීවිතෙන්..
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..

දකින හිමිවන හීනයේ - නුඹ කොතැන හිටියා..
මතක සැමරුම් අතරේ - ජීවිතය තිබුනා..
හඩන හිනැහෙන නෙත් නුඹේ - උරහිසේ තිබුනා..
ඇත්තමයි නුඹ අහසක් - වගේ..මයි හිතුනා..

නුහුරු නුපුරුදු හීන අරන්..
ලඟට ඇවිදින් තුරුළු වෙමින්..
ආවාට නොකියාම ජීවිතෙන්..
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..

මිරිඟුවක හිත තියලා - නුඹ දුරක ඇදුනා..
රංචු ගැහෙනා රෑනේ - තනිකමක් දැනුනා..
ඇසිල්ලක දුටු හීනෙන් - හිත හුඟක් රිදුනා..
අරුත නොදකින සෙනෙහේ - ඔය නමත් රැඳුනා..

පෙනෙන නොපෙනෙන...

ගායනය : ආත්මා ලියනගේ
පද රචනය : රකිත වාකිෂ්ට
සංගීතය : තිලිණ රුහුණගේ


කින්නරී - හස්ති

කින්නරී ඔබයි - සදා කල්හිම...
පෙම්බරී නුඹයි - ඇන්ද සිත්තම...
කින්නරී ඔබයි - සදා කල්හිම...
පෙම්බරී නුඹයි - ඇන්ද සිත්තම...

ඉරා කඩ තිර - පුරා නෙත් ඉම
අමාවක රැය - සරා සඳ නුඹ
උනා සිතුවිලි - පුරා ගන්තෙර
සදාතන පෙම එදා වගේ මයි...
කින්නරී....කින්නරී....

වසා මුදු ලැම - මවා ඉඟසුඟ
කුඩා පියවර එදා වගේමයි
පියා නෙත් කෙමි - මුදා වරලස
විදා මදහස කින්නරී....කින්නරී....
කින්නරී....කින්නරී....කීන්නරී......
කීන්නරී......ඔබයි - සදාකල්හිම..
පෙම්බරී....නුඹයි - ඇන්ද සිත්තම..

ඉරා කඩ තිර - පුරා නෙත් ඉම
අමාවක රැය - සරා සඳ නුඹ
උනා සිතුවිලි - පුරා ගන්තෙර
සදාතන පෙම එදා වගේ මයි...
කින්නරී....කින්නරී....

ගායනය : හස්ති
සංගීතය : හස්ති(සරිගම මියුසික්)
පද රචනය : වජිර සේනානායක

වෙන්වී දැන් යන්න ඉතින් - චාමික සිරිමාන්න | Wen Wee Dan - Chamika Sirimanna - sinhala lyrics

වෙන්වී දැන් යන්න ඉතින් - වෙන්වී යන්නම ඕනේ නම්
කීරිගැහී හඩන සුසුම් - ඉවසුම් නෑ මේ පපුවට දැන්
මා වෙනුවෙන් මැවුව සෙනේ - රහසේම කාටද පුදා....
වෙන්වී දැන් යන්න ඉතින් - වෙන්වී යන්නම ඕනේනම්...

මගෙ සිහිනේ ඉඩඉල්ලා - පෙරදා ඔබමයි පියමැන්නේ
පෙම් පහසේ වෙලී ඉදලා - කෙලෙසද අද මා හැර යන්නේ..
සෙනෙහසින් පෙර එදා - මගෙ වෙලා උන් ඔයා
අද මෙසේ වෙන්වෙලා - මා දමා යයි ඔයා...

පෙම් සිහිනේ දුක රන්දා - ගියාට කම් නැ සතුට සොයා..
මගෙ සෙනෙහේ සිහිවේ නම් - කවදා හෝ යලි එන්න සොයා..
සෙනෙහසින් පෙර එදා - මගෙ වෙලා උන් ඔයා
අද මෙසේ වෙන්වෙලා - මා දමා යයි ඔයා...

වෙන්වී දැන් යන්න ඉතින්...//

ගායනය : චාමික සිරිමාන්න
සංගීතය : රධීෂ් වැන්දබෝනා
පද රචනය : ඩිලාන් ගමගේ

Related Posts Plugin for WordPress, Blogger...