අපි කවුරුද - WAYO | Api Kawruda - WAYO - Senaka Batagoda


සී සී කඩ විසිරුණු සිතිවිලි
දිය බුබුලේ නලියන පෙණ කැටි වා..ගේ..නැතිවැ
හුදකලාවෙ තනිවී සිටියම...
සිහින ආකරේ කට වැටුනා වගේ...නිමක් නෑ...

මොහොතින් මොහොතට ගෙවෙනා කාලය..
දැනෙනවා කාටත් එක විදියට..
ගිනියම් ඉර....සඳ සිසිලස....
අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද...
ගී ඇති ලොව...සිතුවම් කල...
අතරේ අහනව බලනවා මේ අපි කවුරුද...

ඉර බැස යන ගොම්මන් යාමේ..
තරු එක දෙක දිලිසෙන කළු ආකාසේ..හෝ...
ගලා හැලෙන රිද්මේ නැහැවී...
ඇදි යන්නෙ ඈතින් ඈතට පාවී..සුලග සේ..

මොහොතින් මොහොතට ගෙවෙනා කාලය..
දැනෙනවා කාටත් එක විදියට..
ගිනියම් ඉර....සඳ සිසිලස....
අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද...
ගී ඇති ලොව...සිතුවම් කල...
අතරේ අහනව බලනවා මේ අපි කවුරුද...

ගිනියම් ඉර....සඳ සිසිලස....
අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද...
ගී ඇති ලොව...සිතුවම් කල...
අතරේ අහනව බලනවා මේ අපි කවුරුද...

ගායනය : WAYO (සංගීත් විජේසූරිය)
පද රචනය : සේනක බටගොඩ
සංගීතය : සේනක බටගොඩ


Comments

  1. godak honda wadak digatama daana...

    ReplyDelete
  2. ආස සින්දුවක් ආ........ස්තුත්යි

    ReplyDelete
  3. @ Thusitha & silentsahan,

    ස්තූතියි සහෝ අදහසට...දිගටම අපිත් එක්ක ඉන්න..

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...