වළාකුලින් බැස - සුනිල් ශාන්ත / අයිවෝ ඩෙනිස් | Walakulin besa - Sunil Santha/ Ivor Dennis


වළාකුලින් බැස සමන් කුළත් වැඳ
එලෝ බලා යනවා
අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු
හඬ හඬා ඔහේ යනවා

දැවේ දැවේ බිම් දිදී රදස් දුම්
බැලූ බැලූ හැමතේ
යවවු යවවු මා එහේ මෙහේ හා
ගිමන් නිවා පොළොවේ

වළාකුලින් බැස සමන් කුළත් වැඳ...

දැවේ දැවේ බිම් වැදී රජස් දුම්...

එදා රටේ මේ දනෝ තැතින් මා
තැනින් තැනේ රඳවා
මගෙන් වැඩක් ගෙන මටත් වැඩක් කොට
ලොවේ නමක් තැබුවා

වැඩක් නොගත් දිය හඬා දොඩා මේ
මුවේ බලා යනවා
හැපී සිඳී සිඳු තෙරේ වැදී කරදියෙන්
එලෝ යනවා

වළාකුලින් බැස සමන් කුළත් වැඳ...


සංගීතය, ගායනය - සුනිල් ශාන්ත
නව ගායනය - අයිවෝ ඩෙනිස්
ගී පද - අරිසෙන් අහුබුදු


Comments

  1. අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු
    හඬ හඬා ඔහේ යනවා

    ReplyDelete
  2. එදා රටේ මේ දනෝ තැතින් මා
    තැනින් තැනේ රඳවා
    මගෙන් වැඩක් ගෙන මටත් වැඩක් කොට
    ලොවේ නමක් තැබුවා

    ReplyDelete
  3. වළාකුලින් බැස සමන් කුළත් වැඳ
    එලෝ බලා යනවා
    අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු
    හඬ හඬා ඔහේ යනවා... .<3

    ReplyDelete
  4. // දැවේ දැවේ බිම් වැදී රජස් දුම් //

    මේක "දිදී රදස් දුම්" කියලයි මගෙ හිතේ හරියටම තියෙන්නෙ.

    වටින වැඩක් ඔබ කරන්නෙ!

    ReplyDelete
  5. ස්තූතියි හැමෝගෙම අදහස් වලට.... :)

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. May wage sindu aye kawada liyawede? Aneka warayak pin mahema hari mewa rekagannawa.

    ReplyDelete
  8. May wage sindu aye kawada liyawede? Aneka warayak pin mahema hari mewa rekagannawa.

    ReplyDelete
  9. title එකෙත් දාන්න සුනිල් ශාන්ත කියලා

    ReplyDelete
  10. විශිෂ්ඨ ගිතයක්

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...