රත්තරන් මාගේ - දමිත් අසංක සමඟින් අශාන්ති | Raththran Mage - Damith Aasanka ft Ashanthi


රත්තරන් මා..ගේ - සුරඟනක් වා..ගේ
ඇස්වලින් කී..දේ ආදරේ...
හුරතලේ මූ..ණේ - මල්මිටක් වා..ගේ
කම්මුලක් ගා..නේ හාදු වූනේ..

හිත්යායේ පෙම්මල් පීදී..
අමරසදෝ වෑහෙන්නේ..
වස්සානේ ඇවිදින් වාගේ නෙ..
නෙතු මා හදේ...

නිල්මානෙල් පාටයි දෑසේ
තුරුලේමයි මා ඉන්නේ
ඉගිලෙන්නේ ඔබ හා තනියෙන් මා....

දුක්වින්දේ සුසුමක් ගානේ..
මා හැඩුවේ ඇල්ලක් වාගේ..
මුළු ලෝකේ එරෙහි වූ එදා..
දැනුනේ රස නොයිදුල් දීගේ..
හිනෙන් දුටු පාරාදීසේ..
මියැදෙන්නේ පහසින් දෙනුවන්..මා..

රත්තරන් මාගේ....

නාදල්ලේ පාටයි වාගේ..
සිපගන්නත් ලෝබයි ඈගේ..
දෙතොලේමයි නැවතී ඉන්නේ මා..
මනමාලයි හැඟුමයි දෑසේ..
ගුලිවෙන්නයි හොරැහින් බැලුවේ..
ඔබ මාගෙ පනමයි සෑ..මදා...

රත්තරන් මාගේ...

ගායනය : දමිත් අසංක සමඟින් අශාන්ති ද අල්විස්
පද රචනය : සම්පත් ප්‍රනාන්දුපුල්ලෙ
සංගීතය : චතුරංගන ද සිල්වා


Comments