රටකින් එහා ඉගිලී - ප්‍රියා සූරියසේන | Ratakin eha igili - Priya Sooriyasena


රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා හැරයන්නේ මා
අද මෙන් ළ‍ඳේ හෙට නෑ හමුවන්නේ මා
ගෙන යමි ඔබේ ආදරේ ආදරේ

නා දළු දෙතොල් හසරැලි මත වෙලී
ආගිය ගමන් සිහිව එයි යළි යළී
අසමාන වූ ඒ අප ආදරේ
කිසිදා බිඳෙන් නෑ සැකයක් නැතේ

රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා හැරයන්නේ මා

අතිනත වෙලා පටලලා රන් හුයෙන්
ඔබ ගෙන යමි සපුරලා සිතු පැතුම්
හෙට ඒ දිනේදී සයුරෙන් එහා
පිළිගන්නවාදෝ පැමිණී වහා

රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා හැරයන්නේ මා
අද මෙන් ළ‍ඳේ හෙට නෑ හමුවන්නේ මා
ගෙන යමි ඔබේ ආදරේ ආදරේ


ගායනය - ප්‍රියා සූරියසේන
තනුව - ප්‍රියා සූරියසේන
පද - ප්‍රේමකීර්ති ද අල්විස්



Comments