මරියසිලෝ - නලින් පෙරේරා, මේරියන්ස් | Mariyasilo - Nalin Perera, Marians


මරියසිලෝ මගේ මරියසිලෝ
රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ //

අඹකඳවිල ඔරු තොටුපොළ
මේ මම උන් කල දැල් එල එල
උඹ දුන් බර කැඳ ගොටුකොල
පිනවයි බොල මගේ මන දොළ

මරියසිලෝ මගේ මරියසිලෝ
වැදී රැල්ල උඹ තෙමේවි මරියසිලෝ //

නෙරියට හැට්ටේ ඇඳන් තියලා සුරුක්කූ
නෙරියට හැට්ටේ ඇඳන් තියලා සුරුක්කූ
සෙව්වට උඹ යනකොට දමලා මුරුක්කූ
සෙව්වට උඹ යනකොට දමලා මුරුක්කූ
උඹ දනිය වහන් සුළං සාය උඩට උරුක්කූ
උඹ දනිය වහන් සුළං සාය උඩට උරුක්කූ

මරියසිලෝ මගේ මරියසිලෝ
රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ
ඒයි මරියසිලෝ මගේ මරියසිලෝ
රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ

අඹකදවිල ඔරුතොටුපොළ
මේ මම උන් කල දැල් එල එල
උඹ දුන් බර කැඳ ගොටුකොල
පිනවයි බොල මගේ මන දොළ

මරියසිලෝ මගේ මරියසිලෝ
වැදී රැල්ල උඹ තෙමේවි මරියසිලෝ

ඇනියට නැගලා වරෙන් යන්න උඩප්පු
ඇනියට නැගලා වරෙන් යන්න හුඩප්පු
මඩියට මාළු පිරෙයි නැතිව කුලප්පු
මඩියට මාළු පිරෙයි නැතිව කුලප්පු
උඹ නාඩිය මගේ පණ කෙන්දට දාපු පලික්කු
උඹ නාඩිය මගේ පණ කෙන්දට දාපු පලික්කු

මරියසිලෝ මගේ මරියසිලෝ
රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ //

අඹකදවිල ඔරුතොටුපොළ
මේ මම උන් කල දැල් එල එල
උඹ දුන් බර කැඳ ගොටුකොල
පිනවයි බොල මගේ මන දොළ

මරියසිලෝ මගේ මරියසිලෝ
වැදී රැල්ල උඹ තෙමේවි මරියසිලෝ

මරියසිලෝ මගේ මරියසිලෝ
වැදී රැල්ල උඹ තෙමේවි මරියසිලෝ
රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ ///


ගායනය - නලින් පෙරේරා සමග මේරියන්ස්




වීඩියෝව ගත්තෙ - Marians

Comments

  1. උඹ දුන් බර කැඳ ගොටුකොල i think it should be ' උඹ දුන් bala කැඳ ගොටුකොල'
    anyways nice and good work.. keep it up :) :D :)

    ReplyDelete
    Replies
    1. I hear it as 'බර' Macho. However, I've asked this from Marians FB page. Let's see what it's gonna be.

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...