මා නිසා ඔබ - මිල්ටන් මල්ලවාරච්චි | Maa nisa oba - Milton Mallawarachchi


මා නිසා ඔබ නොපිරූ පෙරුම්
මා නිසා ඔබ නොපැතූ පැතුම්
ඒ සිනහා මැද ඉටු වේවි නම්
ආයේ නාවත් කම් නෑ ඉතිං //

කෝ එදා ඔබ අත පැලැන්දුව
මුදුව කෝ කොයිදෝ
නෑ මාගේ සිත අන් කෙනෙක් ගැන
කීවාදෝ නැතිදෝ

මා නිසා ඔබ නොපිරූ පෙරුම්...

මාළිගාවක රජ කෙනෙක් වත්
යනවදෝ කැදවා
වාසනාවන් ඒ සැඳෑවට
මා ඇවිත් යනවා

මා නිසා ඔබ නොපිරූ පෙරුම්...


ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය - පැට්‍රික් දෙණිපිටිය
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්




Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...