ඊළඟ වස්සානේ - තීක්ෂණ අනුරාධ, ප්‍රතිභා ප්‍රභා | Elaga Wassane - Theekshana Anuradha, Prathiba Prabha




වසා යන්නකො හද දොර සෙමින්..
මගෙ හැඟුම් තව නොරිදමින්..
කොහෙ යම්ද මා නුඹගේ පෙමින්..
බැඳී උන් ආලේ නමින්... //

හද සිහිසුන් කල විරාම කොතරම්
ජීවන සංග්‍රාමේ...
මේ පුහුදුන් පෙම එපා වෙලා
සංක්‍රාන්තියකි ප්‍රේමේ..
නුඹ මිහිදන් කල සෙනෙහේ කඳුලැල්
සෝබර ගිම්හානේ..
සිත සිහිලැල් කර ගෙනේවි සැනසුම්
ඊළඟ වස්සානේ...

සිත ඉහිලුම් නෑ අතීත සැමරුම්
පාරයි සන්තානේ...
දුක ඉවසම් තව ඉඳිමි කොතෙක් කල්
මේ දිවි කාන්තාරේ...
සාගරයක් සරි ආලෙට ගැරහුම්
පව් පුරවනවානේ....
මේ අහසත් පොළවත් දෙයි දිවුරුම්
ප්‍රේමය ගැන මාගේ...

වසා යන්නකො....//

ගායනය : තීක්ෂණ අනුරාධ සමඟින් ප්‍රතිභා ප්‍රභා
පද රචනය : යමුනා මාලිනී
සංගීතය : සුරේශ් මාලියද්ද

Comments

  1. වසා යන්නකො හද ‍දොර සෙමින්, ලෙස පළමු පදය නිවැරදි විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. වෙනස් කලා...ස්තූතියි..!!

      Delete
  2. තව පොඩි පදයක් වෙනස් වෙන්න ඕනෙ යාළුවා...
    “මේ අහසත් පොළවත් දෙයි දිවුරුම්...“

    බොහොම ස්තූතියි මේ ලස්සන ගීතය ගී පැදුරට ගෙනාවට. මමත් ගොඩක්ම ආස ගීතයක්

    ReplyDelete
    Replies
    1. නිවැරදි කලා. ස්තූතියි :-)

      Delete
  3. mekath balanna. original eka.

    http://www.youtube.com/watch?v=8UVNT4wvIGY

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...