සෙනෙහස දෙවොලකි - සෝමසිරි මැදගෙදර | Senehasa dewolaki - Somasiri Medagedara


සෙනෙහස දෙවොලකි පුදනු හැකි
ඔබ නමටයි ඒ දෙවොල හිමි
ආයාචනයට මසිත ගැයූ
ඔබෙ දෙසවන් ඇයි අගුළු වැටී
සෙනෙහස දෙවොලකි පුදනු හැකි
ඔබ නමටයි ඒ දෙවොල හිමි

සුසුමට කඳුලට ලෙන්ගතු වී
සැනසෙන්නද මා කෙලෙස යළි //
ආදරයට හිමි කඳුලු බිඳු
සාගරයට මුසු වේද මතු

සෙනෙහස දෙවොලකි පුදනු හැකි
ඔබ නමටයි ඒ දෙවොල හිමි

සසරින් සසරට එකට බැඳී
මෙතුවක් ආ මග අද නැවතී //
ජීවිතයම එක රැයක දුටු
සිහිනෙකි ප්‍රේමය බිඳුනු පසු

සෙනෙහස දෙවොලකි පුදනු හැකි
ඔබ නමටයි ඒ දෙවොල හිමි
ආයාචනයට මසිත ගැයූ
ඔබෙ දෙසවන් ඇයි අගුළු වැටී
සෙනෙහස දෙවොලකි පුදනු හැකි
ඔබ නමටයි ඒ දෙවොල හිමි



ගායනය - සෝමසිරි මැදගෙදර
සංගීතය - සරත් ද අල්විස්
ගී පද - බන්දුල ජයසිංහ

මේ ගීතයේ ජනප්‍රිය අනුවාදනය රූකාන්ත ගුණතිලක විසින් ගැයූ ගීයයි. ඒත් සෝමසිරි මැදගෙදර මහතාගේ අනුවාදනයත් ඒ තරම්ම රසවත්...





Comments