සීත දිය රැල් සලා - ඉන්ද්‍රාණි බෝගොඩ | Seetha diya rel sala - Indrani Bogoda


සීත දිය රැල් සලා
පියුම් පිපුණා බලා
දෙරණ තල දෝවා අරුණළු දේ
සියොත් කැල නාද දේ
සීත දිය රැල් සලා

කල් බලන් සිටිය බඹරින්දා
විල් තෙරෙන් හමන මද නල හා
මුසුව සියපත් දෙතොල් පොපියා
මුසුව සියපත් දෙතොල් පොපියා
හාදු දී මා දිහා බැලුවා

සීත දිය රැල් සලා...

විල් තෙරේ පීනු සුකුමාලා
රත් පියුම් රේණු මා දැකලා
ඇයිද බියපත්ව රත් පියුමේ
ඇයිද බියපත්ව රත් පියුමේ
හාදු දී මා දිහා බැළුවේ

සීත දිය රැල් සලා...

ගායනය - ඉන්ද්‍රාණි බෝගොඩ
පද රචනය - ධර්මදාස පරණගම
සංගීතය - චන්ද්‍රදාස බෝගොඩ


වීඩියෝව ගත්තේ මෙතැනින් -  Indiketi Hewage Rohan Indika

 

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...